මානුෂීය ගති යනු මානව වර්ගයාගේ සොඳුරු බව ඉස්මතු කරන මනස්කාන්ත ගති පැවතුම් ය.මානවයාට සොබාදහමෙන් උරුම කර දුන් මෙම මානුෂීය ගතිගුණ මනුෂ්‍යයාගේ වටිනාකම වර්ධනය කරයි.මනුෂ්‍යයාගේ සැබෑ අරුත මානුෂීය ගති පැවතුම් වලින් මොනවට විදහා දක්වයි.සමාව දීම දරා සිටීම වැනි මනුෂ්‍ය ජීවිතයට අතිශය වැදගත් වන මනුෂ්‍ය ගති පැවතුම් සමාජය වර්ණවත් කිරීමට සමත් වෙයි.මනුෂ්‍යයන් එකට ඇද බැඳ සමාජ තලයක් ගොඩනැගීමට මෙම මානුෂීය ගුණ ක්‍රියා කරයි.මනුෂ්‍යයාගේ සුන්දරත්වය ඉස්මතු වන මෙම මානුෂීය ගුණ මානව සංහතියේ විශිෂ්ඨත්වය මතු කරයි.මනුෂ්‍යයාගේ උපතේ සිට මෙම මානුෂීය ගතිගුණ පුරුදු පුහුණු වීමෙන් තම ජීවිතය මෙන්ම සමාජය ඉතාමත් අලංකාර මනුෂ්‍යයාට හිතකර ස්ථානයක් බවට පත්කර ගැනීමට හැකි වනු නොඅනුමානයි.
H.M.Sumuthu Nayanadini