බෝ සමිඳු සුවඳ පැනින් නැහැවෙන කලද, අල්තාරය ඉටිපන්දමෙන් දිලෙන කලද, ශිව රූපය කිරි දියෙන් පේවෙන කලද, පල්ලියේ ජුම්මා යාතිකා ඇසෙන කලද භක්තිය මැවෙන අයුරු අසමසමය....අනන්තය.....අප්රමාණය... ත්රිපිටකය, කුරාණයද, බයිබලය, භගවත් ගීතාවද, කී නොකී හැම ඇදහීමක්ම එකම දහමක ධර්මයේ ගැඹුර වෙන් වෙන් කලෙක පසක් කළ කල ඉදින්, කුමටද බෙදීමක්? කුමකට බදා ගැනීමක්??? සමාදාන, සංහිඳියාව සමගියද සහයෝගයද ආගමේ එකම පොදු කුලකයකි වෙන් වෙන්ව අර්ථකථනය කරන ලද.... රත් පැහැ ලේ දුවන මිනිස් පංචස්කන්ධය පොදු කල ඇවැසි නැත බෙදා වෙන් කෙරුමක් එහෙයින්..... යාපනේ වෙසඟත්, අනුරපුර නත්තලත්, මඩකලපුවේ දීපවාලිත්, කොච්චිකඩේ හජ්ජිත් එක සේ දකින්නට දකිමු වරමක්.... එදවසට, මල් පුදා බෝධිය නහවන තුරා ෆාතිමා ආසාවෙන් බලා හිඳීවි.. උපවාස කාලය අවසන් වන තුරා සෙල්වරාජන් ඉවසීම ප්රගුණ කරාවි.. රෑ මැදියම දේව මෙහෙයදී සමන් ගීතිකා ගයන්නට ඒවි.. කෝලම් රටා හැඩ තියා මවන්නට ශෙරීන් පරිස්සමට ඉගෙන ගනීවි.. මේ සයුරු තෙරින් එතෙරට යම් දිනෙක එය ඉටු වේවිදැයි නොදන්නා මුත්..... සත්තයි එසේ වෙන දවසට ලොවේ සාමය නිති උදා වේවි.
මඩවල විතාරමලාගේ සමීර තරංග රාජවංශ