පල්ලියට බෝම්බයක්! තවත් දවසක් උදාවිය හිරු නැගී සැමට එක ලෙස හිරු එළිය ගලා එයි කවුළු අතරින් කුටියට රේඩියෝවෙන් ඇසුණු පුවතක් වැඩි කරයි හද ගැස්ම පල්ලියේ ශුද්ධ බිම ලෙයින් නැහැවී තිබිණ වරදකරු බෞද්ධයෙක්! නැහැ ඒ හින්දුවෙක්! ඉස්ලාමියෙක්! යැයි කියන දනන් හමුවෙයි මගතොට පන්සලට ගල් පහරක් කෝවිලට "හූ" හඬක් හිමි වූ ද බෝම්බයේ කොටා නැත ආගමක් සියල්ලන්ට ම හිමිව ඇත උතුම් වූ නිදහසක් ආගමක්,විශ්වාසයක් දරන්නට අයිතියක් එහි වාද භේද බිහිකරමින් රුදුරු ඡායා මවාපාන්නේ ඔබම මිස උතුම් වූ ආගම නොවේ!
නුවන් නදීශ රත්නායක