ගොඩක් පිං මිසීට
මම ඉස්කෝලෙ මහත්තයෙක් ෆැන්ෂන් ගිය
දෙනියාය ටව්මෙදී නාහෙට අහන්නැති
අස්පයෙක් ගියා උඩින් මගෙ කකුලක
එච්චරයි මතක
මහ ඉස්පිරිතාලෙ නැත්තන් මං පෙට්ටියක
මට ඇහුනා කියනව දොස්තර
මට ලේ දුන්නේ
දෙමළ මනුස්සයෙක්ලු වත්තක
මිසී ලේ ‘ඒ, බී’ මිසක
සිංහල, මුස්ලිම් වර්ග කොයිද
රතුපාට නේද.
ජාතික කොඩියෙත් දැන්
බෝ කොළ හතර උගුල්ලල
සතර බ්‍රහ්ම විහරණත් පස්යට
සිංහයත් අඬනවා පැත්තක.
ඉස්සරත් තිබ්බ
අර ජූලි මේ ජූලි ත්‍රස්තවාදී ඔක්කොම
මේ ලඟදිත් පිපිරුවෙ පාස්කුව
දූවිලි උනේ විශ්වාසේ අපේම
මුන් දන්නෑ මිසී සුද්ද අපිව බෙදුවට
බුදු හාමුදුරුවෝ කිව්වේම මෛත්‍රීය
ජේසු තුමන් කිව්වේම ප්‍රේමය
සර්වාගම් උගැන්නුවෙ සාමය
මොන දෙයියද කිව්වේ වෛරය
ඇත්තමයි මිසී
මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයකට
ඉන්ජෙක්සන් කරන්නම ඕනි
මනුස්සකම….
P. වාසනා සඳමාලි තිසේරා.