ලොව හැමදෙනම තමනට ලැබු දිවි පෙවෙත ගත කළ යුතුයි දැහැමිව ගුණැතිව සබඳ යහමග නමට ආගම යැයි කියති අද හැම ආගම ම සොබාදහමට අනුගත ද නිදහස සැමට හිමි වී ඇත අඩු නැතිව යහපත- අයහපත සිහියෙන් සිතිය යුත තමනට පමණ නොව සැමහට හරි ලෙසට අදහස් මෙන්ම දර්ශනයට ඉඩක් ඇත ප්‍රඥා බලෙන් ගුණ දහමින් යුතු හින්දා මනුසත්වයයි උතුම්ම ලොව පිළිගන්නා ගුණදම් වඩන් හරි දේ තෝරා ගන්නා මිනිසුන් තමයි තුන් ලොව දෙවියන් හැමදා ඉවසුම් ගුණය,මෙත් සිත කරුණා සපිරි දානය පරිත්‍යාගය සත්‍ය ද ගුණැති අවිහිංසාවේ යන මග විශ්වස නොකැඩී ක්ෂාමාව දීම සිත් හට සැනසුම ගෙනෙති මනුසත්ත්වයාගේ හරි මඟ පෙන්වීම වේ නම් එයයි ධර්මය ලොව යහපත් ම අන් සිත් වලට ගෙන එන විට පීඩාව කොතනද මිතුර අප හොයනා සැනසීම සැමදා ඉන්න හැකි උන් නොව කවුරුත්ම සැමටම උරුම මරණයමයි යම් දිනක කුමටද ජාති ආගම් කුල අපි අතර ඉන්නා ටිකට සමගිව ඉමු සොයුරු ලෙස සැමදෙන යුතුයි දැනගන්න ට මෙම කරුණ කිසිදා නොමැත ආගම් තුළ ත්‍රස්ත බව ත්රස්තය කොතන එතන ද ආගම් නැතිය සිහියෙන් සිතනු ඔබ කොතැනද හරියටම සැමගෙම ප්‍රාණ එක මෙන් අමිලක් ගනිති අමිලක් වෙච්ච ප්‍රාණය යලි දෙනු නොහැකි මනුසත් ගුණෙන් ලෝ සතටම මෙත් කරති නිවැරදි උතුම් දම් මග ඒ දරුවො යති
රණසිංහ ආරච්චිගේ සදිනි දෙව්මිණි