පිහිටට හිතට සහනෙට හුරුවට අදහා
මෙලොවට පිනට මතුවට භවයට කර හා
ණුවනට යසට ගරුකොට මත මිට විදහා
ලොවකට කුමට පිරුවට ඇදැහිලි සඳහා
එක ලෙය දුවන, එක අතපය මැව්වාසේ
එකෙකුට පණ දෙනව තවෙකු ගෙ ප්රශ්වාසේ
යහපත ඇති කොතැනවුව නිදහස් වාසේ
එබැවිනි රැකිය යුතු ගරු යුතු විශ්වාසේ
සදමින නීති රීතිය මේ වෙතැයි කියා
බඳිමින, දීන, මානය පා නැතැයි දයා
බෙදමින ජාති ආගම රෝගයක් නියා
තබමින පාද ආගධ’ඳුර මැවී ගියා
අප අප යහපතට ඇති සිතුවිලි දවමින්
කිම කිම දුක නරක මනුසිත තුල මවමින්
මත මත ඉවසීම සමකොට වපුරවමින්
අභිමන අභිමතය පර, සලකමු යහමින්
දැන හෝ නොදැන සිදු කල වරදෙදී සමා
උතුමෝ එතැන වෙති, වෙර, පලිගැනුම නිමා
සැමගේ අදහසට ගරු කර සිරස නමා
දිවියේ දිනමු, අපි එක ආගමක තමා
හිරිමුතුගොඩගේ මිහිරාණි උදේශිකා