පන්සල , පල්ලිය ,කෝවිල අභියස එකම පණිවිඩය රැව් දෙන්නේ ගුණවත් යහපත් යුගයක ඇරඹුම දහම් පණිවිඩෙන් අමතන්නේ බොදු ගී බැති හඬ, ගීතික නාදය එකම සුළඟකට මුහු වෙන්නේ දෙව් ආසිරි මැද ආගම්වාදය අතැර සීහලේ වැජඹෙන්නේ වෙසක් නදට පෙරහැර මග වැඩුමට හැම ආගම් ආසිරි දෙන්නේ හජ්ජි, මහා ශිව, මහ සිකුරාදට එකම හදින් බැති පුද දෙන්නේ ඇටමස් නහරෙන් එකම ලෙයින් මිනිසුනි අප ඉපදී ඇත්තේ ආගම් නොව එක ජාතිය විලසට විශ්වාසය පෙරටුව ගන්නේ තමාට තමාව විශ්වාසය ගෙන ආගම් මතයට ගරු පුද දෙන්නේ තමා නැණට හසුවන තම දහමට බැති සිත් පෙරටුව නමදින්නේ තම සිත එකඟව ඇති වූ පරසට නොව ආගම් ලොව ගරහන්නේ සමාව ඉවසීමෙන් නොම භේදය ආගම්වාදය දුරැලන්නේ දිනිඳු සොමි යක්ෂ නා ඇදහිල්ල ළඟ නැත නොව නිගා තඹර'පෙත'ග එක පිණි දිය බුබුලකි ජන්මය ලද ලොව සැම දෙනා නොවැ ආගමකට නිගා කෲරකම් ඉවසීමෙන් දෙනු ගරු සමා මිනිසත්කම ආගම විලසට ගෙන ආගම්වාදය දුරැලනා
B.R.හිරුමිණි මහේෂිකා