දෙව්ලොව යන්න මිනිසත් බව අත් හැරපු සංවර වෙන්න දෙපතුලටම වහා ගත්තු කුස පුරවන්න තුන් සිවුරක් දා ගත්තු ඇතමුන් වේය ආගම නොපිට ගත්තු පුන් පෝ දාට පන්සල් බිම බබලවපු මහා ධනපතෙකි ධනසිරි උතුමා මහගු යන එන මගදි අසරණයින් වෙත නැමුණු අතුල් පහර නොවරදි කුසුමට වැදුණු තම උතුමන්ගේ ගුණ කියමින් යුධ වැදුණු එ බිම මතම තම තමන්ගේ ලේ හලපූ කලින් කලට ජය ලබමින් ජය සැමරැ කවුරැන් වේද පුතු හට තම මව නැති වු බුදු හිමි දෙසුයේ කෙනෙකුට ''එනු බලව" විමසනු නොදන්නා දේ වේ නම් නිබඳ කෙනෙකු පැවසුවාටම එය නොපිලිගෙන ඔබ හට හැගේනම් නිවරදි බව ගන්න උපතින් වෙන්නේ නෑ කෙනෙකුන් ආගමක මුදලට ගන්න බෑ කෙනෙකුට ලැදියාව වැටහුණු දිනක එය ඔබගේ හදවතට නැගිටිනු එදින මිනිසෙකු ලෙස දෙපයින්ම
chandima rupasinghe